Wednesday, March 23, 2011

Nokia Corporation


Nokia Corporation
වර්ගයPublic – Oyj
(සැකිල්ල:OMX, සැකිල්ල:Nyse,සැකිල්ල:FWB)
ස්ථාපිතයTampere, Finland (1865)
incorporated in Nokia (1871)
ප්‍රාරම්භක(යන්)Fredrik Idestam
මූලස්ථානයEspoo, Finland
සේවා සරියWorldwide
ප්‍රධාන පුද්ගලයන්Jorma Ollila (Chairman)
Olli-Pekka Kallasvuo (President & CEO)
Timo Ihamuotila (CFO)
Mary T. McDowell (CDO)
කර්මාන්තයTelecommunications
Internet
Computer software
නිෂ්පාදිතයන්Mobile phones
Smartphones
Mobile computers
Networks
(See products listing)
සේවාවන්Services and Software
Online services
ආදායම▼ €50.722 bn (2008)[1][2]
මෙහෙයුම් ආදායම▼ €4.966 bn (2008)
ශුද්ධ ආදායම▼ €3.988 bn (2008)
මුළු වත්කම්▲ €39.582 bn (2008)
මුළු සමකොටස▼ €16.510 bn (2008)
සේවකයන්123,347 in 120 countries (September 30, 2009)[3]
කොටඨාශDevices
Services
Markets
උපාංගයන්Nokia Siemens Networks
Navteq
Symbian
Vertu
Qt Software
වෙබ්අඩවියNokia.com

පරිගණක විද්‍යාව


පරිගණක විද්‍යාව



පරිගණක ව්ද්‍යාව යනු තොරතුරු සහ පරිගණනය පිළිබඳ ක්‍රමානුකූල අධ්‍යයනයකි
. පරිගණන පද්ධති හා ක්‍රම ශිල්ප, සැලසුම් ක්‍රම ශිල්ප, ඇල්ගොරිතම් (පියවර
ක්‍රම‍වේද) සහ සංකල්ප පරීක්ෂා කිරී‍මේ ක්‍රම, විශ්ලේෂණ හා තහවුරු කිරී‍මේ
 ක්‍රම ශිල්ප යන විෂය කොටස් මෙයට ඇතුලත් වෙයි.

පරිගණක විද්‍යාව (හෝ සංඛ්‍යාන විද්‍යාව) යනු තොරතුරු හා පරිගණක
 කරණයේ සෛද්ධාන්තික පදනම හා ඒවා ක්‍රියාවෙහි යෙදවීම හා
පරිගණක පද්ධතිවල යෙදුම් පිළිබඳ අධ්‍යයනයයි. පරිගණක විද්‍යාවේ
උප ඒකක බොහොමයක් ඇත. සමහරක්, විශේෂිත ප්‍රතිඵල වල පරිගණනය
 මතුකර දක්වන අතර , (පරිගණක චිත්‍රන වැනි) අනෙක් ඒවා පරිගණක ගැටළුවල
 ගුණවලට අදාල වේ. (පරිගණක සංකීර්ණතා සිද්ධාන්තය , Computational Complexity
 theory වැනි දේ) තවමත් සමහරක් ඒවා පරිගණක සම්බන්ධ ක්‍රියාත්මක කිරීමේදී
 ඇතිවන අභියෝග පිළිබඳ අවධානය යොමු කරයි. උදාහරණ ලෙස ක්‍රමලේඛ භාෂා
 සිද්ධාන්තය , පරිගණක විස්තර කිරීමට ප්‍රවේශවීම පිළිබඳ අධ්‍යයනය කරන අතර
පරිගණක ක්‍රම‍ලේඛ මගින් පරිගණක ගැටළු විසදීම සඳහා විශේෂිත ක්‍රමලේඛ භාෂා
 යෙදවීම සිදු කරනු ලැබේ. තවත් උප - අංශයක් වන්නේ මිනිස් - පරිගණක අන්තර්
ක්‍රියාකාරිත්වයයි. එමගින් පරිගණක හා පරිගණනය ප්‍රයෝජනවත්, භාවිතා කළ හැකි
හා විශ්වීයව මිනිසාට භාවිතා කළ හැකි පරිදි කොටස් කිරීම ගැන අවධානය යොමු කර ඇත.

Tuesday, March 22, 2011

විෂුවල් බේසික්


විෂුවල් බේසික්


විෂුවල් බෙසික් යනු ‍තුන්වන පරම්පරාවේ පරිගණක භාෂා මෘදුකාංගයකි. ලොව සුපතල මයික්‍රොසොෆ්ට් ආයතනය (Microsoft Corporation) මෙහි නිර්මාතෘවරයා වෙයි. බොහෝ විට මෙය විෂුවල් ස්ටුඩියෝ නමි පැකේජය සමග දැකගත හැක (Version 6.0) මෙහි IDE (interrogated development Environment) මගින් පරිගණක භාෂා කිහිපයක් සමග වැඩකිරීමට අවශ්‍ය මෘදුකාංග කොටස් සකස් කර ගැනීමට උපකාරීවේ. විෂුවල් බේසික් භාවිතයට ඉතා පහසු පරිගණක භාෂාවක් වෙයි. මෙහි ආදිතමයා ලෙස BASIC (Beginner's All-purpose Symbolic Instruction Code) පරිගනක භා‍ෂාව හදුනාගත හැක. මෙය මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් COM උපාංග සාදාගැනීම සදහා උපයෝගී වනලෙස නිපදවා ඇත නිපදවා ඇත. මෙය ක්‍රියාකිරීමට ඉතා සරල ලෙස සාදා ඇති මෘදුකාංගයකි. මෙහි GUI (Graphical user Interface) නැමති අතුර මුහුණත යොදා ඇත. මෙ මගින් ෆෝර්ම උපාංගය මත වෙනත් උපාංග දමා ඉතා පහසුවෙන් මෘදුකාංග නිපදවීමෙ හැකියාව ලැබේ. තවද මෙය දත්ත පාදමයන් (Database ) සමග මුසුවී ක්‍රියා කිරීමට හැකිවී ඇත. එනමි Microsoft Access, Microsoft SQL Server, MySQL හා ORCLE වැනි විෂාල දත්ත පාදමයන් ගනනාවක් සමග සමිබන්ධ වෙමින් කටයුතුකිරීමට හැකියාව ලැබී ඇත.


මෙ මගින් බොහෝවිට දත්ත පාදම හා සම්බන්ධ වෙමින් වැඩසටහන් කිරීමට නැඹුරුවක් දක්වයි. (Database Applications) මෙය ඉවෙන්ට් මගින් ධාවනය වන පරිගණක භාෂාවකි. එනම් යම්කිසි සිදුවීමක් ෆෝර්මයට හෝ එයමත පවතින කන්ට්‍රෝල මත සිදුවූවිට එහා ගතයුතුක්‍රියා මාර්ග එහි කේතනය කලයුතුවෙයි. මෙහි ආදිතමයා විෂුවල් බෙසික් 1.0 වූ අතර පිලිවෙලින් විෂුවල් බෙසික් 2.0/3.0/4.0/5.0 ලෙස ව්කසනය වි විෂුවල් බෙසික් 6.0 පැමිණ ඇත. විෂුවල් බෙසික් 6.0 පසු මෙම කාණ්ඩයේ මෘදුකාංග නිපදවීම නැවැත්වූ මයික්‍රොසොෆ්ට් (Microsoft) ආයතනය ඉන්පසු .Net (Dot Net) නමි අලුත්ම සැකිල්ලක් යටතේ නවතම පරිගණක වැඩසටහනක් නිර්මානය කරවිය එය විෂුවල් බෙසික් ඞොට්නෙට් (Visual Basic .Net) ලෙස හැදින්වෙයි. මෙය විෂුවල් ස්ටූඩියෝ ඞොට්නෙට් හි එක් උපාංගයක් ලෙස ලැබේ.
ප්‍රයෝජන හා විකාසනය

ඇක්ටිවු එක්ස් තාකෂනය මෙයට එකතුකර ඇති අතර මෙමගින් Standard EXE, ActiveX Controls, ActiveX DLL වැනි බොහෝ දැ නිපදවාගැනීමේ හැකියාව පවතියි. මෙමගින් නිපදවන මෘදුකාංගඅතර
  • Inventory Control Systems
  • Management Information Systems
  • Leave Systems
  • Human Resorce Management Systems
ප්‍රධාන වෙයි.


විෂුවල් බේසික් විවෘත කරගැනීම

පරිගණකයේ ඇති විෂුවල් බේසික් විවෘත ගැනීම ස‍ඳහා Start->All Programs->Visual Studio 6.0->Visual Basic 6.0 තෝරා ගතයුතු වෙයි. ඒවිට Visual Basic 6.0 ඔබට ලබාගතහැක.
විෂුවල් බේසික් IDE හි ප්‍රධාන කොටස් පහත ලෙස දැක්විය හැක.
  • විෂුවල් ටූල් බාර්.
  • ටූල් බොක්ස්
  • ෆෝර්මය
  • ප්‍රොජෙක්ට් ජනේලය
  • ප්‍රොපටි ජනේලය


විෂුවල් ටූල් බාර්.

මෙමගින් විෂුවල් බේසික්හි විවිධ ක්‍රියාකාරකම් සිදුකල හැක නව ෆෝර්මයක් ලබාගැනීම, මෙනූ ඒඩිටරය ලබාගැනීම, කොපිකිරීම, කට් කිරීම, ‍ පේස්ට් කිරිම හා විෂූවල් බේසික් පද්ධතිය ධාවනය කරගැනීම ඉන් සමහරක් වේ.


විෂූවල් බේසික් උපකරණ පෙට්ටිය (Tool Box)

විෂූවල් බේසික් ටූල් බොක්ස් මත විවිධ උපාංග දක්නට ලැබේ. මේවා වින්ඩෝස් මෘදුකාංග සකස්කිරීමට උපකාරීවෙයි. මෙම උපාංග ෆෝර්මය මතට දමාගැනීම සඳහා ටූල් බොක්ස් හි උපාංගය මත දෙවරක් ක්ලික් කිරීම හෝ උපාංගය මත දකුණු මවුස් බොත්තම තදකර ඇදගෙන ගොස් ෆෝර්මය මතට දමාගැනීම මගින් ලබාගතහැක.


වින්ඩෝස් ෆෝර්ම උපාංගය(Windows Forms)

විෂුවල් බේසික් හී සියලුම උපාංග තබාගන්නා උපාංගය වින්ඩෝස් ෆෝර්ම උපාංගය වේ. මේ මතට ටූල් බොක්ස් මත ඇති සියළුම කන්ට්‍රෝල උපාංගයන් දැමීමට හැකියාව ඇත. ඒනම් විධාන බොත්තම්, ටෙක්ස් බොක්ස, කොම්බෝ බොක්ස ආදිය වේ.


ප්‍රොජෙක්ට් ජනේලය

මෙමත ව්‍යාපෘතියේ සියලූම ගොනු දිස්වෙයි මෙම ගොනු මත දෙවරක් ක්ලික් කිරීම මහින් අවශ්‍ය ගොනුව විවෘත්ත කරගත හැක.


ගුණාංග ජනේලය (Property Panel)

විෂුවල් විෂූවල් බේසික් හි සියලුම උපාංගවල වත්කම් (Properties ) මෙමගින් පෙන්නුම් කරයි. එවා අවශ්‍ය පරිදි වෙනස් කිරීම මෙමගින් කල හැක.


විෂූවල් බේසික් හි ප්‍රධාන දත්ත වර්ග

විෂූවල් බේසික් හි ප්‍රධාන දත්ත වර්ග පහත ලෙස දැක්විය හැකිවෙයි.
  1. byte
  2. Integer
  3. Long
  4. String
  5. Double
  6. Boolean

පරිගණක අයිකන

පරිගණක අයිකන

පරිගණක දසුන් වල දක්නට ලැබෙන කුඩා චිත්‍රාක්ෂර (pictograms) පරිගණක අයිකන නමින් හැඳින්වේ. පරිගණක භාවිතයේදී සාමාන්‍යයෙන් යොදා ගැනෙන අක්ෂරාංක (alphanumerics) වෙනුවට මෙම පරිගණක අයිකන භාවිතා කළ හැකි වේ. දැන් වෙළඳපොලේ දක්නට ලැබෙන, එමෙන්ම වැඩි වැඩියෙන් භාවිතා වන නව මාදිලියේ පරිගණක වල දසුන් ආන්ත වලට බිටු සිතියම් මනා ලෙස හසුරුවීමට ඇති හැකියාව නිසාවෙන් පරිගණක පරිශීලකයන් හට වඩාත් පහසු වන අයුරින් මෙම පරිගණක අයිතම යොදා ගනු ලැබේ.
ආධුනික පරිගණක පරිශීලකයන් ගැන විශේෂ අවධානයක් යොමු කරමින් ඔවුන් හට ඉක්මණින් පරිගණක අතුරුමුහුණත් වටහා ගැනීමටත්, ග්‍රහණය කරගැනීමටත් පහසු කරවන කදිම මෙවලමක් ලෙස 1970 වසර ආසන්නයේදී පරිගණක අයිකන හඳුන්වා දෙන ලදී. මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් සහ ඇපල් මැකින්ටොශ් මෙහෙයුම් පද්ධති වල ආධාරයෙන් පසු කාලයකදී අයිකන මුල්තැනක් ගන්නා අතුරුමුහුණත් මහජනයා අතර ප්‍රචලිත වීම සිදුවිය.
සාමාන්‍යයෙන් පරිගණක අයිකනයක ප්‍රමාණය පික්සල 16*16 සිට පික්සල 128*128 අතර අගයක් ගනු ලබන මුත් සමහර මෙහෙයුම් පද්ධති වල අයිකන පික්සල 512 * 512 දක්වා විශාල වන අවස්ථාද ඇත. චිත්‍රම ප්‍රතිදාන උපාංග වල ප්‍රමාණය කුඩා වන විට අයිකන වල ප්‍රමාණයද කුඩා වේ. මේ නිසා දෘශ්‍ය-ආබාධිත පරිශීලකයන් හට ස්ව-කැමැත්තෙන් අයිකන ප්‍රමාණයන් තෝරාගැනීමට ඉඩ දීම වඩාත් යෝග්‍ය වේ. එසේම ආලෝකය මදි කම, ඇස් අධික ලෙස විඩාපත් වීම, විද්‍යාත්මක ලෙස තහවුරු කරන ලද යම් යම් ආබාධ, දීප්තිමත් පසුබිම් හෝ වර්ණාන්ධතාවය ආදිය නිසාද මෙවැනි විකල්ප ක්‍රම තිබීම වඩාත් වැදගත් වේ.

පටුන

පරිගණක පරිශීලක අන්තර් ක්‍රියාවේදී අයිකන වල ක්‍රියාකලාපය

පරිගණක මෙහෙයුම් පද්ධතියක ඇති ගොනු, ෆෝල්ඩර, යෙදුම් හා උපාංග ආදිය නියෝජනය කිරීමට පරිගණක අයිකන යොදා ගත හැකි වේ. අද කාලයේදී මෙම අයිකන භාවිතා වන ආකාරය දෙස බැලූ විට අපට හොඳින් පෙනී යන එක් කාරණයක් නම් නියෝග එකලස් විධාන (macro commands), ප්‍රකාශන ස්වරූප හැඟවීම ආදී පරිශීලක කැමති පරිදි ඕනෑම දර්ශකයක් නියෝජනය කිරීම සඳහා අයිකන යොදාගත හැකි බවයි.
වැඩතලය මත, මෙවලම් තීරය මත වාගේම මයික්‍රොසොෆ්ට් වර්ඩ් (Microsoft Word) වැනි පරිගණක මෘදුකාංග වල ඇති මෙනු තීර වල මෙවැනි පරිගණක අයිකන හොඳින් දැකගත හැකි වේ. මෙම අයිකන බැලූ පමණින්ම එකිනෙකින් වෙන් කර හඳුනා ගැනීමට නම් ඒවා එකිනෙකට වෙනස් ලෙස නිර්මාණය කළ යුතු වේ. මෙසේ පහසුවෙන් වෙන් කර හඳුනා ගැනීමට හැකි වන ලෙස නිර්මාණය කර ඇති අයිකන වඩාත් එලදායි සහ පරිශීලක-හිතෛෂී අයිකන ලෙස පිලිගැනේ. එමෙන්ම දෝෂ රහිත ක්‍රියාකාරීත්වය, දුටු පමණින් අයිකනයේ අර්ථය හඳුනා ගැනීමට පහසු වීම, ඕනෑම සැලැස්මක් හෝ තත්ත්වයක් යටතේ පහසුවෙන් බලා ගැනීමට හැකි වීම වැනි ලක්ෂණත් පරිශීලක-හිතෛෂී අයිකන වල අඩංගු වේ. නමුත් අයිකන කට්ටල වෙන වෙනම ගත් කල අපට පෙනී යන්නේ එම එක් එක් කට්ටල වලට ආවේනික වූ විවිධ ලක්ෂණ ඇති බවයි. මෙවැනි ලක්ෂණ අයිකන වලට එක් කිරීම මඟින් ඒවායේ එකිනෙකට ඇති සම්බන්ධතාව මනාව විදහා දක්වයි. ඉහත සඳහන් කරන ලද ලක්ෂන කිහිපයක් පහත දක්වා ඇත:
  1. ප්‍රමාණයන් ප්‍රභේදනය කිරීම
  2. පිහිටීම හා සංයුතිය
  3. රටා ප්‍රභේදනය(තිරස්-ඉරි වැටුණු, සිරස්-ඉරි වැටුණු, බෑවුම්-සහිත-ඉරි වැටුණු, වෘත්ත, දීර්ඝ චතුරශ්‍ර, ...)
  4. අඳුරු පසුබිම මත දීප්තිමත් රූප හෝ දීප්තිමත් පසුබිම මත අඳුරු රූප යෙදීම
  5. රාමු කිරීම/ඡායාවන් එක් කිරීම
  6. වර්ණ ප්‍රභේදනය
  7. සජීවනය
සැබැවින්ම ගත් කළ සෑම ප්‍රධාන නව මාදිලියේ පරිගණක මෙහෙයුම් පද්ධතියකටම පාහේ පරිශීලකයන් හට තොරතුරු ප්‍රදර්ශනය කිරීම සඳහා අයිකන මූලික කොට ගත් චිත්‍රක පරිශීලක අතුරුමුහුණත් (GUI) භාවිතා කිරීමේ හැකියාව ඇත. කවුළු, අයිකන, මෙනු, දර්ශක සඳහා ඇති WIMP ශෛලියෙහි 'අයිකනය' යන පදය යොදාගෙන ඇති අන්දමෙන් මෙය මනා ලෙස විදහා දක්වනු ලබයි.

 ක්‍රියාදාම (Function) හෝ ක්‍රමලේඛ අයිකන


මෙහි පෙන්වා ඇති පරිදි අයිකන භාවිතා කළ හැකි ආකාර විවිධ ලෙස දැක්විය හැකි වේ. ඒවා මෙලෙසය: ගොනු, ෆෝල්ඩර, තැටි ධාවක ආදිය මෙවලම් තීර බොත්තම් ලෙස නිරූපණය කිරීමට මෙන්ම මෙනු අයිතම හා කාර්ය තීර අයිතම විදහා පෙන්වීමටය.
චිත්‍රක පරිශීලක අතුරුමුහුණත් වල දක්නට ලබෙන බොහෝ පරිගණක ක්‍රියාදාමයන් ක්‍රියාදාම අයිකන මගින් නියෝජනය කල හැකි වේ. එසේම දැන් දක්නට ලැබෙන සියළුම පාහේ චිත්‍රක පරිශීලක අතුරුමුහුණත් වල මෙම අයිකන දැකිය හැක. කර්සරය අයිකනය මතට ගෙන මූසික ‍බොත්තම ක්ලික් කිරීමෙන් ක්‍රමලේඛය හෝ ක්‍රියාදාමය ඇරඹීමට හැකි වේ.
අයිකනයක් විශේෂිත ,ප්‍රකෘතිමත් හා කුඩා විය යුතුය. එය විවිධ විභේධන වල ඇති වෙනස් මොනිටර වල භාවිතා කිරීමේ හැකියාව තිබිය යුතුය. වෙනස් මෙහයුම් පද්ධති වල ඇති පරිගණක වැඩසටහන් වල වෙනස් වූ දර්ෂණ සඳහා වෙනස් ආකාරයේ අයිකන නිර්මාණය කළ යුතු නිසා මෙම ක්‍රියාවලිය තව දුරටත් ස්ංකීර්ණ වේ. උදාහරණයක් ලෙස එක් මෙහයුම් පද්ධතියක GUI මාර්ගසූචක මගින් එහි ඕනෑම වැඩසටහනක් සඳහා පික්සල 16,32 හා 64 වල අයිකන නිර්මාණය සඳහා නියම කර සිටින අතර තවත් මෙහයුම් පද්ධතියක GUI මාර්ගසූචක මගින් පික්සල 16,24, 48 හා 96 වල අයිකන නිර්මාණය කිරීම සඳහා නියම කළ හැකිය.

 අයිකන මෘදුකාංග

අයිකන මෘදුකාංග යන්න පරිගණක අයිකන තැනීම සහ සංස්කරණය කිරීම සඳහා යොදා ගනු ලබන මෘදුකාංග වේ. අයිකන සංස්කාරක මෘදුකාංග මීට කදිම උදාහරණයකි.
මෙම අයිකන මෘදුකාංග සාමාන්‍යයෙන් ඇපල් මැකින්ටොෂ් හා මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධති ඇති පරිඝනක වල දක්නට ලබෙන මුත් යුනික්ස් වැනි මෙහෙයුම් පද්ධති සහිත පරිඝනක වල සාමාන්‍යයෙන් දක්නට නොලැබේ. මීට හේතුව වන්නේ යුනික්ස් වැනි මෙහෙයුම් පද්ධති සාමන්‍යයෙන් PNG format භාවිතා කරන නිසාවෙන් අයිකන මෘදුකාංග වෙනුවට අයිකන තැනීම සඳහා ජිම්ප්(Gimp) හෝ ඉන්ක්-ස්කේප්(Inkscape) වැනි මෘදුකාංග භාවිතා කිරීමයි.
අයිකන සංස්කාරක මෘදුකාංග සැලකූ විට සාමාන්‍යයෙන් එහි ප්‍රාථමික රූප සංස්කාරකයක් අඩංගු වන අතර එහි ඇති සරල සිත්තම් මෙවලම් භාවිතයෙන් හෝ සරල සිත්තම් පෙරහන් යෙදීම මගින් අයිකන රූපයේ පික්සලයෙන් පික්සලය වෙනස් කළ හැක. නමුත් වෘත්තීය අයිකන නිර්මාණකරුවන් මෙවැනි අයිකන සංස්කාරක මෘදුකාංග භාවිතයෙන් අයිකන සැකසනු ලබන්නේ ඉතාමත් කලාතුරකිනි. අයිකන සංස්කාරක මෘදුකාංග වෙනුවට ඔවුන් බොහෝ අවස්ථා වලදී ත්‍රිමාණ නිරූපකරණ මෘදුකාංග යොදා ගනු ලබයි.
අයිකන සංස්කාරක මෘදුකාංගයක් මගින් කෙරෙන ප්‍රධානතම කාර්යය වන්නේ රූප යොදා ගනිමින් අයිකන සැකසීමයි.


මෙහෙයුම් පද්ධති - අනෙකුත් ‍මෙහෙයුම් පද්ධති


මෙහෙයුම් පද්ධති - අනෙකුත් ‍මෙහෙයුම් පද්ධති


සුවිශේෂී ලාභදායී වෙළද පොළවල තවමත් භාවිතා වන පැරණි මෙහෙයුම් පද්ධති අතරට IBM හි OS/2; Mac OS, ඇපල්ගේ Mac OS X හි UNIX නොවන පුරෝගාමියා : BeOS; XTS – 300 ඇතුළත් වේ. ඇතැම් ඒවා විශේෂයෙන් Amiga OS හා‍ RISC OS, ඒ සදහා උනන්දුවක් ඇති ප්‍රජාව හා විශේෂ මෘදුකාංග පද්ධති සඳහා සංවර්ධනය වේ. DEC හි Open VMS තවමත් (HP) හැව්ලට් - පැකාර්ඩ් (Hewlett-packard) හි ක්‍රියාකාරී සංවර්ධනය යටතේ පවතී.
නව පරිගණක පද්ධති පිළිබද පරියේෂණ හා ඒවා නිපදවීම තවමත් සිදුවේ. GNU Hurd , Unix, සමග පසු ගැළපුම් වන පරිදි සැලසුම් කර ඇති නමුත් වැඩි දියුණු කළ ක්‍රියාකාරිත්වයකින් හා ක්ෂුද්‍ර කර්නල සැකැස්මකින් යුක්ත වේ. සින්ගියුලරටි (Singularity) යන Microsoft පරියේෂණවල, Dot Net මගින් කළමණාකරණයවන කේත ආකෘතිය මත පදනම්ව වඩා හොද මතක ආකර්ෂණයකින් සෑදුණු මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියකි.

ක්‍රීඩා පරිගණක



මෙවැනි පරිගණක වල සාමාන්‍යයෙන් නියෝන් වර්ණයෙන් යුතු
 ආවරණයක් සහ ප්ලාස්ටික් වලින් නිර්මාණය කළ පැති ආවරණ
පවතියි. සාමාන්‍ය පෞද්ගලික පරිගණක වල හැකියාව ඉක්ම වු
 විභේදන මට්ටමකින් යුතුව පරිගණක ක්‍රිඩා වැඩ සටහන් භාවිත
කිරීම සදහා විශේෂයෙන් නිර්මාණය කරන ලද පෞද්ගලික
පරිගණක පරිගණක ක්‍රිඩා - පරිගණක ලෙස හැදින්වෙයි.
මෙවායේ මිල අධික ආවරණ, අධික්‍රියාකාරී උපාංග ආදිය
අන්තර්ගත වන අතර ඇතැම් විට ද්‍රව සිසිලන පද්ධති ද
මෙයායේ භාවිතා වේ. එසේම බොහෝ විට මෙවා මයික්‍රෝසොෆ්ට්
 වින්ඩෝස් (Microsoft Windows) පවුලට අයත් මෙහෙයුම් පද්ධති ඔස්සේ ක්‍රියාත්මක වෙයි.
පෞද්ගලික පරිගණක ක්‍රිඩා සාමාන්‍ය පෞද්ගලික පරිගණක මත
 ද ක්‍රියා කරන නමුත් සත්‍ය පරිගණක ක්‍රිඩා - පරිගණකයක් යනු
 ත්‍රිමාන රූප නිර්මාණ සැකසුම්, භෞතික විද්‍යාත්මක අනුරූ
 නිර්මාණය, ඒකීය පික්සල් වර්ණක තාක්ෂණය, ගතික ජ්‍යාමිතික
 විදැහුම් කරණය සහ වැඩිදියුණු කළ ශබ්ද සැකසුමු සහ විශේෂ
 ප්‍රයෝග ආදිය සදහා අවශ්‍ය වන විධාන සැකසිය හැකි අයුරින්
 විශේෂයෙන් සකස් කළ පරිගණකයක් වේ. තව ද මේවායේ USB
උපාංග, හෙඩ්ෆෝන් සහ Fire wire ආදිය සදහා සම්බන්ධක ස්ථාන
ආදිය අඩංගු වේ. සාමාන්‍ය පෞද්ගලික පරිගණක මෙන්ම පරිගණක
ක්‍රිඩා - පරිගණක ද සම්පුර්ණ ඒකක වශයෙන් මිලට ගත හැකි නමුත්
 බොහෝ විට ඒවා භාවිත කරන්නන් විසින් ඒවා අන්තර් ජාලය
 ඔස්සේ ක්‍රිඩා කිරීම සදහා හෝ එසේ නොමැතිව තනිව ක්‍රිඩා කිරීම
සදහා නිර්මාණය කර ගනු ලැබෙයි. පරිගණක ක්‍රිඩා සදහා භාවිතා
 වන මෙම පරිගණක තම ප්‍රතිවාදියාගේ පරිගණකය පරයමින්
තමාට වාසි සහගත වන අයුරින් වේගවත්ව ක්‍රියාකරනු පිණිස
විශේෂයෙන් නිර්මාණය කරගනු ලබන පරිගණක වෙයි. මෙමගින්
 අන්තර් ජාලය ඔස්සේ පැවැත්වෙන තරඟ ජයග්‍රහණය කිරීම අරමුණු
 කරගැනෙයි.එසේම ඇතැම් විට මෙවැනි අධි ක්‍රියාකාරී පරිගණක
 නිර්මාණය කිරීමේ අරමුණ නව පරිගණක ක්‍රිඩාවක් මගින් ලබාගත
හැකි උපරිම වින්දනය ලබාගැනීම වුවද විය හැක.
පරිගණක ක්‍රිඩා සදහා විශේෂයෙන් නිර්මාණය කළ පරිගණක යන්ත්‍ර
ප්‍රචලිත වීම 90 දශකයේ id Software ආයතනය මගින් නිර්මාණය
 කළ Doom ආදි පරිගණක ක්‍රිඩා වෙළද පොළට පැමිණීමත් සමග
ආරම්භ විය. මෙම Doom පරිගණක ක්‍රිඩාව මයික්‍රොසොෆ්ට් DOS
මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වු පරිගණක සදහා නිර්මාණය කරන
 ලද්දකි. මෙම ක්‍රිඩාවන් ක්‍රියාත්මක කිරීමේදී සාමාන්‍ය වාණිජ පරිගණක
 සහ පෞද්ගලික පරිගණක දෘඩාංග ඒවායේ උපරිම මට්ටමින් ක්‍රියාත්මක
 වීම අවශ්‍ය විය. මේත් සමගම පරිගණක ක්‍රිඩාවන්ට ඇලුම් කළ පිරිස්
 Doom පරිගණක ක්‍රිඩාව සදහා උපරිම ක්‍රියාකාරීත්වය ලබාදෙන දෘඩාංග
 වලින් යුත් පරිගණක නිර්මාණය කිරීම ආරම්භ කළහ. (මෙම ක්‍රිඩාව
 සදහා ක්‍රියාකාරීත්වය තත්ත්පරයට රූප රාමු මගින් මනින ලදී) ඒ
අනුව පරිගණක ක්‍රීඩා - පරිගණක වල සම්බවය තරඟකාරී ක්‍රියාකාරීත්වයක්
සදහා වැඩි දියුණු කළ එදිනෙදා‍ජීවිතය හා බැදුණු උපාංගයක් ලෙස සිදු විය

නීතිය - සයිබර් නීතිය


නීතිය - සයිබර් නීතිය


නීතිය - සයිබර් නීතිය සන්නිවේදන තාක්ෂණය (විශේෂයෙන් ම සයිබර් අවකාශය) සම්බන්ධ නෛතික ගැටලු විශ්ලේෂණාත්මක විමර්ශනයට භාජනය කරනු ලබන නීතිය (සයිබර් නීතිය නොහොත් (cyber – law) යනුවෙන් සරලව හදුන්වා දිය හැක. දේපල සහ භාර නීති මෙන් වෙනමම වූ නීති කේෂේත්‍රයක් ලෙස හදුනාගැනිමට (සයිබර් නීතිය) අපහසුය. මන්ද යත් සයිබර් නීතිය (cyber – law) විවිධ නෛතික කේෂේත්‍රයන් සමග සම්මිශ්‍රණය වී ඇති බැවිනි. උදා( ලෙස බුද්ධිමය දේපල, පෞද්ගලිකත්වය, භාෂා නිදහස හරහා වැටී ඇති නීති පද්ධතියකි. සයිබර් නීතියේ මුලික හරය සංක්ෂිප්තව මෙසේ ලුහුඩින් සදහන් කල හැකිය. සයිබර් නීතිය වනාහි අන්තර්ජාලය තුල මිනිසාගේ ක්‍රියාකාරීත්වය පාලනය කිරිම සදහා පමුනුවාගන්නා ලද නීති සමුදායකි.