ජාවා යනු පරිගණක ක්‍රමලේඛණය කිරිමට හාවිතා කරයි. Sun Microsystems නැමැති ආයතනය විසින් 1995 වර්ෂෙය්දි හදුන්වාදෙන ලදි. මෙමය C සහ C++ යන පරිගණක ක්‍රමලේඛණ හාෂා වලට සමානකම් දැක්වුවද ඊට වඩා වැඩි පහසුකම් අන්තර්ගතය. ජාවා වැඩසටහන් bytecode නැමැති ක්‍රමයට පරිවර්තනය කොට "ජාවා වැඩකරන පරිසරය" තුල ක්‍රියාත්මක වේ. "ජාවා" යනු දැනට භාවිතයේ පවතින ජනප්‍රියතම ක්‍රමලේඛන භෂාවක් වන අතර,එය පරිගනක යෙදවුම් මෘදුකාංග (Computer Application Software) සැකසීමේ සිට වෙබ් යෙදවුම් (Web Application) දියුණු කිරීම දක්වා වූ පුළුල් පරාසයක ව්‍යප්ත වී පවතී. නමුත් දැන් ජාවාහි අයිතිය Oracle ආයතනය සතුව පවති.
ඉතිහාසය
James Gosling ,Mike Sheridan සහ Patrick Naughton යන අය ඇතුලු "Green Team" නමින් හන්දින්වු කන්ඩායම 1991 ජූනි මාසය පමන වන විට "Green Project" ව්‍යපෘතිය ආරම්භ කරන ලදී. මෙම ක්‍රම ලේඛන භාෂාව මුලින්ම "oak" ලෙස හඳුන්වන වනු ලැබූ අතර,James Gosling ගේ කාර්යාලය ඉදිරිපිට තිබූ "ඕක්"(oak) ගසක් එයට හේතු වූ බව සඳහන් වේ. පසුව එය "ග්‍රීන්"(Green) ලෙස වෙනස් වූ අතර, අවසානයේදී සසම්භාවීව තෝරා ගත් වචන සමූහයක් අතරින් "ජාවා" යන නමින් නම් කරනු ලැබීය.
මුලික වැඩසටහනක්
// Hello.java public class Hello { public static void main(String[] args) { System.out.println("සුභ දවසක්"); } }
සංස්කරණය
Sun ආයතනය ජාවා ක්‍රමලේඛන විවිධ මාධ්‍ය(Platform) ඉලක්ක කරගනිම්න් සකස්කර ඇත. ඒවා නම්:
- ජාවා කාඩ් ස්මාට්කාඩ් සදහා.
- ජාවා මයික්‍රෝ සංස්කරණය (ජාවා එම්.ඊ.) — සීමාසහිත සම්පත් ඇති පද්ධති සදහා(ජංගම දුරකථන, රූපවාහිනි ආදිය සදහා).
- ජාවා සාමාන්‍ය සංස්කරණය (ජාවා එස්.ඊ.) — සාමාන්‍ය පරිඝනක සදහා.
- ජාවා වානිජ සංස්කරණය (ජාවා ඊ.ඊ.) — වානිජමය ඉතා දියුනු අන්තර්ජාල යෙදුම් නිර්මාණය කිරිම සදහා.
ඉහත සදහන් එක් එක් සංස්කරණ සදහා වෙන වෙනම ඊට අදාල සම්පත් ජාවා සතුව පවති. අදාල කේතයන් Sun ආයතනය මගින් නඩත්තු වන අතර ඒ පිලිබද උනන්දුවක් දක්වන්නන්ට එම ක්‍රියාවලියට සහභාගි විය හැක.
Sun ආයතනය PersonalJava නම්න්ද සංස්කරණයක් ජාවා මයික්‍රෝ සංස්කරණය සම්බන්ධයෙන් ලබාදුන්නත් පසුව එම සංස්කරණය දියුනු කිරිම නවතා ඇත.
No comments:
Post a Comment